අපේ රටේ දරුවන් දෙදෙනෙක් සිටී. එක ළමයෙක් හැම දෙයින්ම ප්රතිලාබ ලැබෙන, වත්කමෙන් සහ වරප්රසාද වලින් පිරි, තමන්ගේම නිවසක් තිබෙන්නෙක් වෙයි.
අනෙක් ළමය තමන්ට කියල තිබෙන්නේ දේවල් තුනයි. එකක් තමාගේ දෙමවුපියන්ය. අනෙක් එක තමාගේ නුවන සහ බුද්ධියයි. අනෙක් එක තමන්ට පොදුයි කියල හැම අයම කියන "නිදහස්" අද්යාපනයයි.
දැන් අපි බලමු මේ තුන දිහා. සමහර විට මේ ළමයින්ට හරි හැටි දෙමවුපියන් නැත. සමහර විට දෙමවුපියන් හිටියත් නැතත් ඉස්කෝලේ නොයන්න ඉඩ තිබෙනව. ඔය "නිදහස්" කියල කියන අපේ අද්යාපනය ක්රමය කාණ්ඩ දෙකකට බෙදිලා තිබෙන බව හැම අයටම පෙනෙන බව අපි දන්නෙමු.
එහෙනම් මොකක්ද ඉතුරු වන්නේ? තමාගේ නුවනයි. බුද්ධියයි. දැන් අපි මෙහෙම දෙයකුත් කියමු. දුප්පත් උනත් නොවුනත් නුවන ඇති ළමය බුද්ධිමත්ය. එය ඇත්තකි. එත් අපි හිතමු මේ රටේ පහසුකම් තිබෙන "ටියුෂන් පන්ති" හෝ පාසැල් ගැන. ජනප්රිය පාසල් 56ක් තිබේ. හිතන්න වෙනත් පාසල් 1000ක් තියනවා කියල. ඒ කියන්නේ පොහොසත් ළමය ඉස්කෝල 56කට යන්න පහසුකම් තිබුනත් අනෙක් බහුතර ප්රතිෂතයකට අයත් ළමයින් ට පහසුකම් ඇත්තේ පහසුකම් නැති ඉස්කොළවල් වලට ඇතුල් වීම පමණි.
ඒ විතරක් නෙමේ. දේශපාලන බලපෑම් වලින් මඩට විසික් කරන ළමයින් වෙනුවට ප්රතිලාබ තිබෙන ඇත්තොන්ට “ටොප්” අද්යාපන ක්රමයක් තිබෙයි. ඔය මඩට විසික් කරන ළමයින් කී දෙනෙක් ඉඳී ද?
අපි හැම දේම සල්ලි වලට විකුණලා ඉවරයි. අද්යපනයත් කාබාසිනියා කරලා ඉවරයි. තව විනාශ කරන්න දෙයක් ඉතුරු වෙලා තිබෙයිද?
හිතන්න ටිකක්.
ලංකාවේ ළමයි දෙන්නගෙන් ඔය දෙවෙනි ළමය වගේ කී දෙනෙක් ගම්බිම් වල සිටීද? මේ ළමයින් අර "පොෂ්" පවුල් වලින් එන ළමයින් ට තිබෙන දනවත්කම නැති නිසා හරි හැටි අද්යපනයක් නොලැබෙන එක කනගාටුදායක පටලැවිල්ලක් නොවේද? ඔය ඉහල පැලන්ති වලින් එන, හරි හැටි තමන්ගේ මවු බාෂාව පාවිච්චි කරන්න බැරි, කොළඹ හතේ පවුල් වලට අයත් "කිඩ්ස්" ලට වඩා, අපේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්, මොලයක් තිබෙන, ඔය "නිදහස්" කියන අද්යාපනය පාවිච්චි කරලා පිටරට ගොහින් අනිත් නාගරිකයන්ට සල්ලි හම්බ කරන්නේ නැතුව, අපේ කම දන්නා, අපේ ගම්බිම් වලින් හැදුනු වැදුණු ඒ දරුවන් වටින්නේ නැද්ද?
තීරණය ඔබේය. ඔබේය තීන්දුව.
තීරණය ඔබේය. ඔබේය තීන්දුව.
No comments:
Post a Comment