මාලක
සිල්වා තාම හිරේ. අපි එයා එනකන් බලන් ඉන්නෙමු. එයාගේ පැමිණීමට පෙර හැබැයි දේවල් ටිකක් අමතක කරන්න වෙයි වගේ. ඉතින් අපිට ඒ දේවල් අමතක කිරීමට කාලෙ ඇවිත් බව හොදට පෙනෙයි.
මෙහෙමවත් හිතමු එහෙනම්.
මාලක
සිල්වා ඉතාම අහිංසක මිනිහෙකි. දේශපාලක්නයෝ කියන්නේ අහිංසකකමින් පුපුරනන
මිනිස්සුය. ඒගොල්ලන් පත් කරන්නේ අපිය. එහෙනම් ඉතින් මොන එහෙකටද අපි ඒගොල්ලන්ට දොස්
කියන්නේ? ඔවුන් උනත් මිනිස්සු නේ. නැද්ද මං අහන්නේ? ඔවුන්
මෝඩයෝ නම් අපි මහා මෝඩයෝ වෙති. මාලක සිල්වා උනත් ඉතාම හොද මිනිහෙකි. අවංකයි. හරිම.
හිතන දේ කියනවා. කියන දේ කරනවා. හරියට අර දොස්තර උපාදියක් ලබාගත් තාත්ත වගේ. ඔවු
ඉතින් අපි දන්නවා නේ අර ඉංග්රීසි කියමනය: "තාත්ත වගේය පුතා."
මාලකත්
එකයි මර්විනුත් එකයි අපිත් එකයි එහෙනම්.
මේ
දවස්වල මාලක හිර කුඩුවේ ඇගිලි ගැන ගැන ඉන්නවා ඇති කියල අපි ඔක්කොම හිතන්නෙමු. පව් අහිංසකයා. පිටරටින් ආ යුවලක් නිසා වෙච්චි අපරාදය. දැන් චන්දෙත් ලගයි නේ? හිරේ
ඉන්න බව අමතක කරලා දායි ද? මේකෙන් පැනල යන්නත් බැහැ. පැනල ගියත් ආයිත් එන්න වෙයි.
නැද්ද ඉතින් හොද උපක්රමයක්?
චන්දෙ
දීපු එවුනුත් චන්දෙ කාගෙන බලයට පත්වුණු එවුනුත් දැන් ජනවාරි 8 වෙනකන් බල බලා ඉන්නවා
ඇති. මාලකව එහෙනම් අමතක කරමු. කාවහරි දිනවමු. දිනලා මාලක ගැන හිතමු. ඒ වෙනකොට එය
හිර කුඩුවෙන් ඔබ්බට ගිහින් වෙනත් විච්චුරන වැඩක් කරලා තිබුනොත් ආයිත් හිරේට දාමු.
දාලා ආයිත් ඇප මගින් නිදහස් කරමු. කරලා ආයිත් හිරේට යවමු…
ඔවු.
චන්දෙ දින්නත් නැතත් අර නන්ද මාලිනි එක් වතාවක ගැයු පද ටික තමයි මතකෙට එන්නේ:
"දනින් වැටී නළල ඔබා නිලතල අරගනිල්ලා."
මාලක, ඔයත්
කුඩුවේ අපිත් කුඩුවේ. ප්රශ්නේ වෙලා තියෙන්නේ ඔයාට ඇප තියෙන එකයි. අපිට? උන.
එදත් අදත් හෙටත්.