Wednesday, December 3, 2014

අපි ඊයේ උපන්නේ

මාලක සිල්වා තාම හිරේ. අපි එයා එනකන් බලන් ඉන්නෙමු. එයාගේ පැමිණීමට පෙර හැබැයි දේවල් ටිකක් අමතක කරන්න වෙයි වගේ. ඉතින් අපිට ඒ දේවල් අමතක කිරීමට කාලෙ ඇවිත් බව හොදට පෙනෙයි. මෙහෙමවත් හිතමු එහෙනම්.

මාලක සිල්වා ඉතාම අහිංසක මිනිහෙකි. දේශපාලක්නයෝ කියන්නේ අහිංසකකමින් පුපුරනන මිනිස්සුය. ඒගොල්ලන් පත් කරන්නේ අපිය. එහෙනම් ඉතින් මොන එහෙකටද අපි ඒගොල්ලන්ට දොස් කියන්නේ? ඔවුන් උනත් මිනිස්සු නේ. නැද්ද මං අහන්නේ? ඔවුන් මෝඩයෝ නම් අපි මහා මෝඩයෝ වෙති. මාලක සිල්වා උනත් ඉතාම හොද මිනිහෙකි. අවංකයි. හරිම. හිතන දේ කියනවා. කියන දේ කරනවා. හරියට අර දොස්තර උපාදියක් ලබාගත් තාත්ත වගේ. ඔවු ඉතින් අපි දන්නවා නේ අර ඉංග්‍රීසි කියමනය: "තාත්ත වගේය පුතා."

මාලකත් එකයි මර්විනුත් එකයි අපිත් එකයි එහෙනම්.

මේ දවස්වල මාලක හිර කුඩුවේ ඇගිලි ගැන ගැන ඉන්නවා ඇති කියල අපි ඔක්කොම හිතන්නෙමු. පව් අහිංසකයා. පිටරටින් ආ යුවලක් නිසා වෙච්චි අපරාදය. දැන් චන්දෙත් ලගයි නේ? හිරේ ඉන්න බව අමතක කරලා දායි ද? මේකෙන් පැනල යන්නත් බැහැ. පැනල ගියත් ආයිත් එන්න වෙයි. නැද්ද ඉතින් හොද උපක්‍රමයක්?

චන්දෙ දීපු එවුනුත් චන්දෙ කාගෙන බලයට පත්වුණු එවුනුත් දැන් ජනවාරි 8 වෙනකන් බල බලා ඉන්නවා ඇති. මාලකව එහෙනම් අමතක කරමු. කාවහරි දිනවමු. දිනලා මාලක ගැන හිතමු. ඒ වෙනකොට එය හිර කුඩුවෙන් ඔබ්බට ගිහින් වෙනත් විච්චුරන වැඩක් කරලා තිබුනොත් ආයිත් හිරේට දාමු. දාලා ආයිත් ඇප මගින් නිදහස් කරමු. කරලා ආයිත් හිරේට යවමු…

ඔවු. චන්දෙ දින්නත් නැතත් අර නන්ද මාලිනි එක් වතාවක ගැයු පද ටික තමයි මතකෙට එන්නේ: "දනින් වැටී නළල ඔබා නිලතල අරගනිල්ලා."

මාලක, ඔයත් කුඩුවේ අපිත් කුඩුවේ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔයාට ඇප තියෙන එකයි. අපිටඋන. එදත් අදත් හෙටත්.

අපේ රටෙ ඉන්න දරුවන් දෙදෙනා

අපේ රටේ දරුවන් දෙදෙනෙක් සිටී. එක ළමයෙක් හැම දෙයින්ම ප්රතිලාබ ලැබෙන, වත්කමෙන් සහ වරප්රසාද වලින් පිරි, තමන්ගේම නිවසක් තිබෙන්නෙක් වෙයි.

අනෙක් ළමය තමන්ට කියල තිබෙන්නේ දේවල් තුනයි. එකක් තමාගේ දෙමවුපියන්ය. අනෙක් එක තමාගේ නුවන සහ බුද්ධියයි. අනෙක් එක තමන්ට පොදුයි කියල හැම අයම කියන "නිදහස්" අද්යාපනයයි.

දැන් අපි බලමු මේ තුන දිහා. සමහර විට මේ ළමයින්ට හරි හැටි දෙමවුපියන් නැත. සමහර විට දෙමවුපියන් හිටියත් නැතත් ඉස්කෝලේ නොයන්න ඉඩ තිබෙනව. ඔය "නිදහස්" කියල කියන අපේ අද්යාපනය ක්රමය කාණ්ඩ දෙකකට බෙදිලා තිබෙන බව හැම අයටම පෙනෙන බව අපි දන්නෙමු.

එහෙනම් මොකක්ද ඉතුරු වන්නේ? තමාගේ නුවනයි. බුද්ධියයි. දැන් අපි මෙහෙම දෙයකුත් කියමු. දුප්පත් උනත් නොවුනත් නුවන ඇති ළමය බුද්ධිමත්ය. එය ඇත්තකි. එත් අපි හිතමු මේ රටේ පහසුකම් තිබෙන "ටියුෂන් පන්ති" හෝ පාසැල් ගැන. ජනප්රිය පාසල් 56ක් තිබේ. හිතන්න වෙනත් පාසල් 1000ක් තියනවා කියල. කියන්නේ පොහොසත් ළමය ඉස්කෝල 56කට යන්න පහසුකම් තිබුනත් අනෙක් බහුතර ප්රතිෂතයකට අයත් ළමයින් ට පහසුකම් ඇත්තේ පහසුකම් නැති ඉස්කොළවල් වලට ඇතුල් වීම පමණි.

විතරක් නෙමේ. දේශපාලන බලපෑම් වලින් මඩට විසික් කරන ළමයින් වෙනුවට ප්රතිලාබ තිබෙන ඇත්තොන්ට “ටොප් අද්යාපන ක්රමයක් තිබෙයි. ඔය මඩට විසික් කරන ළමයින් කී දෙනෙක් ඉඳී ?

අපි හැම දේම සල්ලි වලට විකුණලා ඉවරයි. අද්යපනයත් කාබාසිනියා කරලා ඉවරයි. තව විනාශ කරන්න දෙයක් ඉතුරු වෙලා තිබෙයිද?

හිතන්න ටිකක්.

ලංකාවේ ළමයි දෙන්නගෙන් ඔය දෙවෙනි ළමය වගේ කී දෙනෙක් ගම්බිම් වල සිටීද? මේ ළමයින් අර "පොෂ්" පවුල් වලින් එන ළමයින් තිබෙන දනවත්කම නැති නිසා හරි හැටි අද්යපනයක් නොලැබෙන එක කනගාටුදායක පටලැවිල්ලක් නොවේද? ඔය ඉහල පැලන්ති වලින් එන, හරි හැටි තමන්ගේ මවු බාෂාව පාවිච්චි කරන්න බැරි, කොළඹ හතේ පවුල් වලට අයත් "කිඩ්ස්" ලට වඩා, අපේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්, මොලයක් තිබෙන, ඔය "නිදහස්" කියන අද්යාපනය පාවිච්චි කරලා පිටරට ගොහින් අනිත් නාගරිකයන්ට සල්ලි හම්බ කරන්නේ නැතුව, අපේ කම දන්නා, අපේ ගම්බිම් වලින් හැදුනු වැදුණු දරුවන් වටින්නේ නැද්ද?

තීරණය ඔබේය. ඔබේය තීන්දුව.